මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    පෙබරවාරි 02, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (01) පස්වරුවේ ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
     
    පළමුව අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරි මහියංගන රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය ‍උරුවලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා ‍උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය‍.
     
    අනතුරුව චෛත්‍ය රාජයාණක් වහන්සේ, බුද්ධ මන්දිරය මෙන් ම ධාතු මන්දිරය අභියස පැවැති ආගමික වතාවත් සඳහා සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.
     
    ශ්‍රී සුමන සමන් දේවාලයේ දී ද ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි‍.
     
    ප්‍ර දේශයේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර අමාත්‍ය රාජිත සේනාරත්න, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ,  ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya