මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික කතරගම පුදබිමේ ආගමික වතාවත්වල

    පෙබරවාරි 02, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉයේ (01) පෙරවරුවේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගොස් ආගමික වත්වත්වල නිරත විය‍.
     
    පළමුව ඓතිහාසික කිරිවෙහෙර සමිඳුන් වැඳපුදාගෙන අශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා වෙත කිරිවෙහෙර උප විහාරධිපති පූජ්‍ය තලගල ඤානින්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළහ‍.
     
    අනතුරුව ජනාධිපතිතුමා අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ අභියස ද ආගමික වතාවත් හි නිරත විය.
     
    අනතුරුව කතරගම මහා දේවාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි පැවැති විශේෂ පූජාවට සහභාගි වී ආශිර්වාද ලබාගත්තේය.
     
    එමෙන් ම කතරගම අභිනවාරාම විහාරස්ථානයට ද ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නායක හිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගේ ද සුවදුක් විමසීය.
     
    අනතුරුව වැඩිහිටි කන්ද විහාරස්ථානයට ද ගොස් වැඩිහිටිකන්ද හා සෙල්ල කතරගම උභය විහාරාධිපති පූජ්‍ය හීල්ලේ ඥානන්ද ස්වාමීන්වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද සුවදුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.
     
    අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහත්වරු ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya