මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අගවිනිසුරු ලෙස කේ. ශ්‍රී පවන් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

    ජනවාරි 31, 2015

    ශ්‍රේෂ්ඨාධිකරණයේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ඊයේ පස්වරුවේ (30) නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් ුන්නේය.


    1952
    පෙබරවාරි 29 වැනිදා උපත ලද කනක සභාපති ශ්‍රී පවන් මහතායාපනය හින්දු පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබිය.


    1974
    වසරේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා නීතිඥවරයකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලැබූ හෙතෙම 1978 වසරේදී වැඩබලන රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය.

    1979 වසරේදී ස්ථිර රජයේ නීතිඥවරයකු ලෙස පත් කරනු ලැබූ ඒ මහතා 1989 වසරේදී රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු ලෙසට උසස් කරනු ලැබිණ.


    එකී රාජකාරි කටයුතු අතරතුරම කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී වැඩිදුර නීතිය හැදෑරූ හෙතෙම 1992 වසරේදී වාණිජ නීතිය පිළිබඳ ඩිප්ලෝමාවක් 1994 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීති විශාරද (එල්.එල්.එම්.) උපාධියක් දිනාගැනීමට සමත් විය.


    1996.02.22
    වැනිදා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ලෙස උසස්වීම් ලද කේ.ශ්‍රී පවන් මහතා වෙත අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ විභාග වූ ව්‍යවස්ථාමය නඩු කටයුතු හා මූලික අයිතිවාසිකම් නඩු කටයුතු මෙහෙයවීමේ වගකීම පවරන ලදී.


    පුරා වසර 24කට ආසන්න කාලයක් දැඩි කැපවීමකින් හා ඉතා කාර්යක්ෂමව සිය රාජකාරි කටයුතු කොට සිය දෙපාර්තමේන්තුව තුළ කීර්තියක් දිනාගත් ඔහු 2002 වසරේ දී අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙසට පත් කරනු ලැබිය.


    2007
    වසරේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙසට පත් කළ කේ. ශ්‍රී පවන්මහතා 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට ද පත් කරනු ලැබීය.

     

    2013 වසරේදී වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ද ඔහු කටයුතු කර ඇත.

     

    cj1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya