මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගවිනිසුරු ධුරය පිළිබඳ විවාදයක් ඉල්ලා සභාව උණුසුම් වේ

    ජනවාරි 30, 2015
    අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීමක් පැවැති අතර එම විවාදය අද දිනයේ දී ලබාදිය නොහැකි බව ආණ්ඩු පක්ෂය විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
     
    ඒ සම්බන්ධයෙන් වන විවාදයක් අද දිනයේ දී නොව ඉදිරි සතියේ දී ලබාදීමට ආණ්ඩු පක්ෂය කැමැත්ත පළ කළ ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම විවාදය අද දිනයේ ම පැවැත්වීමට අවශ්‍ය වී ඇති බවට විපක්ෂය කරුණු පෙන්වා දුන්නේය.
     
    යම් විෂයක් සම්බන්ධයෙන් එම දිනයේ ම විවාදයක් ලබාදිය නොහැකි වන්නේ ඒ සම්බන්ධයෙන් පෙර සූදානමක් අවශ්‍ය නිසා බව පෙන්වා දෙන සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙය නෛතික ප්‍රශ්නයක් බැවින් සියලු දෙනාටම මේ සම්බන්ධයෙන් කතා කිරීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් දැනුවත් ව කතා කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
     
    ඉදිරි දිනයක දී ඒ සම්බන්ධයෙන් වන විවාදයක් ලබාදීමට හැකි බවත් පෙන්වා දුන් ඒ මහතා විපක්ෂයේ ඉල්ලීම පරිදි අද දිනයේ දී විවාදයක් ලබාදිය නොහැකි බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම විවාදය අද දිනයේ දී පැවැත්වීමට නොහැකි බවට විරුද්ධත්වය ප්‍රකාශ කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 05වැනිදාට පෙර දිනයක් ඒ සඳහා වෙන් කිරීමට නොහැකි වතාවරණයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් වන හේතූන් ද සභාවටට ඉදිරිපත් කළ සිටියේය.
     
    නිදහස් දිනයට පෙර විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව රැස්වීම සම්බන්ධයෙන් පවතින ගැටලු අග්‍රාමාත්‍යවරයා විසින් සභාවට දිගින් දිගටම පැහැදිලි කළ අතර පාර්ලිමේන්තු ක්‍රමවේද පිළිබඳ ගැටලුවක් නොමැති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා විවාදයක් කිරීමේ හැකියාව පවතින බවත් පෙන්වා දුන්නේය. එමෙන් ම තමන් මොහාන් පීරිස් මහතාගෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිඳු අවස්ථාවක ඉල්ලා නොසිටි බව විපක්ෂයෙන් දැක්වූ අදහස්වලට පිළිතුරු ලබාදෙමින් පැවසීය.
     
    මෙහිදී අඳහස් දැක්වූ කතානායක චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ විවාදයක් අවශ්‍යනම් ඒ සදහා මෝසමක් ඉදිරිපත් කළ යුතු බවයි. 
     
    සභාවේ අඳහස් දැක්වීම් දිගින් දිගටම පැවතුන හෙයින් කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව නැවතවරක් විනාඩි 10කට කල් තැබීය.
     
    විනාඩි 10න් පසු ව සභාව නැවත රැස්වූ අතර එහිදී කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් එය නැවත ලබන 05දා දක්වා කල් තැබීමට කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya