මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මශ‍්‍රී ඒකනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

    ජනවාරි 27, 2015

    ප‍්‍රවීන මාධ්‍යවේදියෙකු වූ ධර්මශ‍්‍රී බංඩාර ඒකනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර ඇත. ධර්මශ‍්‍රී බංඩාර ඒකනායක මහතා සිය පත්වීම් ලිපිය අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්ලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ලබා ගත්තේය.

    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීම් ලැබීමට පෙර ධර්මශ‍්‍රී ඒකනායක මහතා සිරස මාධ්‍ය ජාලයේ සේවය කළේය. 1995 වසරේ ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙකු වශයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ධර්මශ‍්‍රී බංඩාර ඒකනායක මහතා ප‍්‍රවෘත්ති කතෘවරයෙකු වශයෙන් හා වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සේවය කර ඇත.

     

    ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන ඒකනායක මහතා ඉන්දුනීසියාවේ බීබීසී ප‍්‍රවෘත්ති වාර්තාකරු මෙන්ම නිෂ්පාදකවරයා වශයෙන් ද සේවය කර ඇත.

     

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහයෙන් පවත්වන ලද ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති සම්පාදනය පිළිබඳ මූලික ඩිප්ලෝමාව හදාරා ඇති නව ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ඉබ්බාගමුව මධ්‍යම මහා විද්‍යාලයේ කීර්තිමක් ආදීශිෂ්‍යයෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya