මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රශස්ති ගායනයට වඩා විවේචනය වැදගත් - ජනපති

    ජනවාරි 28, 2015
    තමන් පත් කළ රජය ඉදිරියට ගෙන යාමේ දී ප‍්‍රශස්ති ගායනයට වඩා වැදගත් වන්නේ විවේචනය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. විටින් විට ආණ්ඩු බලයට පත් කර ආණ්ඩුවට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ සැලැස්විම වෙනුවට ඔවුන් හරිමඟ යැවීම සඳහා ඉදිරියටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීම සිදු කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ පැවැති "පුරවැසි 
    බලය" සහ "අලුත් පරපුර" ඇතුළු නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේ දී ය. 
     
    මෙහිදී රැස්ව සිටි පුරවැසි බලය නියෝජිතයන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ රට තුළ යහපාලනය සිදු කිරීමට නම් රටට ඵලදායී වන ආකාරයට දැනටමත් පිහිටුවා ඇති ජාතික විධායක සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ දි දේශපාලන නියෝජිතයන්ට අමතරව සිවිල් සංවිධානවල නියෝජිතයන් ද තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.
     
    විශේෂයෙන් රට තුළ තොරතුරු දැන ගැනීමේ මහජනයා සතු අයිතිය තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් යුත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පනත් ඉදිරිපත් කිරීමත් මහජන සුබසෙත උදෙසා ජාතික ඹෟෂධ පනත කි‍්‍රයාත්මක කිරීමත්, අල්ලස හා දූෂණය පිටු දැකිමට විගණන පනත ඇති කිරීමත් සුදුසු යැයි එම නියෝජිතයෝ ජනාධිපතිතුමා වෙත පෙන්වා දුන්හ.
     
    පුරවැසියන් අතර යහපාලනය මෙන් ම සහජීවනය ඇති කිරීම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යංශය සතුව පුළුල් වගකීමක් ඇති බව පෙන්වා දුන් කලාකරුවෝ සියලු ජාතීන් අතර තිරසාර සංස්කෘතියක් ඇති කිරිම වෙනුවෙන් සංස්කෘතික ධවල පති‍්‍රකාවක් හඳුන්වාදිය යුතු බව පෙන්වා දුන්නේය.
     
    ජනාධිපතිතුමා යටතේ ඇති ජනාධිපති විමර්ශන ඒකකය යළි ප‍්‍රතිව්‍යුහගත කරණය කළ යුතු බව පෙන්වා දුන් නියෝජිත පිරිස එය පටු දේශපාලන වුවමනාවන් මත පමණක් කටයුතු නොකළයුතු බව සඳහන් කළ අතර විවිධ දේශපාලන බලපෑම් හේතුවෙන් විදේශගත වී සිටින මාධ්‍යවේදීන් වැනි පිරිස් යළි මව්බිමට ගෙන්වා ගැනීමට නිසි වැඩපිළිවෙළක් රජය මඟින් සකස් කර දෙන්නේ නම් ඔවුන්ට ද ඒ සඳහා දායකත්වය සැපයිය හැකි බව පැවසූහ.
     
    ඉහත සඳහන් කෙරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරියේ දී මේ සම්බන්ධව පියවර ගැනිම සඳහා කටයුතු කරන බවය.
     
    මෙම අවස්ථාවට කලාකරුවන්, මාධ්‍යවේදින් සහ වෘත්තිය සමිති නායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya