මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ජන්ම දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 27, 2015
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ 59වන ජන්ම දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) කොළොන්නාවේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්විණි.
     
    මෙහිදී ජනාධිපතිතුමා ඇතුළු පිරිස විසින් පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබීය.
     
    මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෙකු වූ ද, නිර්ධන පන්ති ජනතාවගේ හදවත් තුළ ජීවත් වූ අභීත වීරයෙකු වූ ද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා 2011 ඔක්තෝම්බර් 08වන දින ඝාතනය විය.
     
    මෙම උපහාර උත්සවයට ඒ මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, අමාත්‍යවරුන් වන රවි කරුණානායක, රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ මහත්ම මහත්මීහු ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya