මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිරාල් ලක්තිලක ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ධුරයකට

    ජනවාරි 20, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් පත් කරනු ලැබ ඇති අතර ඒ මහතා අද (20) ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. 
     
    මාතර රාහුල විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ශිරාල් ලක්තිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලැබ නීතිඥයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
     
    ගැටුම් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි අකේඩියා විශ්වවිද්‍යාලයෙන් හා ටෙම්පල් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් අතර ශිරාල් ලක්තිලක මහතා ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර දේශාපලනය, මානව හිමිකම් හා කළමනාකරණ කටයුතු පිළිබඳ ජාත්‍යන්තර ආයතන ඇතුළු උසස් විද්‍යාල රැසකින් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත.
     
    එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායකවරයා වූ ශිරාල් ලක්තිලක මහතා 2011 සිට 2013 දක්වා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya