මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින සියයේ වැඩසටහනට පූර්ණ සහය දෙනවා

    ජනවාරි 20, 2015

    වත්මන් රජයේ දින සියයේ වැඩසටහනට පූර්ණ සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව තීරණය කර තිබෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය යටතේ නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම සඳහා දින සියයයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබෙනවා. එම වැඩසටහන සඳහා විපක්ෂය ලෙස වරින් වර අපව දැනුවත් කරන්නේ නම් වැදගත්. අපි සෑම මොහොතකම වැඩකරන්නේ මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන්. ඒ නිසා යහපත් වූ ඕනෑම දේකට සහය දීමේ හැකියාව අපට තියෙනවා. රජය ගෙනයන, ක්‍රියාත්මක කරන හොඳ දේට සහය දීමේ හැකියාව අපට තිබෙනවා. කිසිදු අවස්ථාවක කකුලෙන් ඇදීමක් අප කරන්නේ නැහැ.

    නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ දින සියයේ වැඩසටහනට පූර්ණ සහය දිය යුතුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව තීරණය කර තිබෙනවා. අප අපගේ යුතුකමින් හා වගකීමෙන් බැහැර වෙන්නේ නැහැ. අප ඔබගේ රජයේ විරුද්ධවාදීන් ලෙස කිසිදු මොහොතක සිතන්න එපා.

    පසුගිය කාලය තුළ දේශපාලන විසඳුමක් ලබා දීම වෙනුවෙන් පූර්ණ වශයෙන් කටයුතු කිරීමට අපට හැකි වුණේ නැහැ. ඒ නිසා දේශපාලන විසඳුමක් කරා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. රට නැවත බෙදුම්වාදය කරා ගමන් නොකරන දේශපාලන විසඳුමක් වෙනුවෙන් අප කැපවෙනවා. එය ප්‍රමුඛ කාර්යයක් ලෙස අපි සලකනවා. එමෙන් ම දේශපාලන විසඳුම සකස් විය යුත්තේ සියලු ජන කොටස්වලට ගැලපෙන ආකාරයටයි. විසංවාදී දේශපාලනයට අවතීර්ණ වීමේදී මන්ත්‍රීවරුන්ගේ එකඟතාව පමණක් ප්‍රමාණයත් නැහැ. එයට ජනතා සහයත් අවශ්‍ය බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya