මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධිමත්ව හා හරවත්ව පවසන දේ පළකරන්න

    ජනවාරි 20, 2015
    පාර්ලිමේන්තු ගැලරියේ කතාකරන්නක් උලුප්පා පළකරනවා වෙනුවට බුද්ධිමත්ව හරවත්ව පවසන දේ පළකිරීමට කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    පසුගිය කාලයේ එවැනි සංස්කෘතියක් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට නොතිබූ බවත් අර්ථවත් හා හරවත් දේ ජනතාවට ලබාදීමට කටයුතු කිරීම මාධ්‍යයේ වගකීම බවත් ඇමතිවරයා කීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කරමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "රට තුළ නව පරිවර්තනයක් මෙන්ම ලෝකය ද බලාසිටින අලුත් දේශපාලන සංස්කෘතියක් බිහිකරලීමේ අවස්ථාවක් මේ උදා වී තිබෙනවා.  ප්‍රබුද්ධ ජනතාවගේ ආශිර්වාදයෙන් පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පරිනත දේශපාලන නායකයෙකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස මා වැඩ භාර ගත්තා. ඒ වගේම භාරදූර වගකීමක් වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ද මා හට භාර දුන්නා.

     ඊයේ වන විට පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා ලෙස ද මා පත් කර තිබෙනවා. පක්ෂ විපක්ෂ සියලු දෙනාට ම සුබදායක වතාවරණයක් යටතේ කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම අපගේ වගකීමයි. පක්ෂ ගණනාවක් සමඟ කටයුතු කරන්න මට සිදු වෙනවා. පසුගිය වකවානුවේදී පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා ගෞරවනීය භාවය ගිලිහී ගොස් තිබුණා. ඒ ගෞරවනීය භාවය හා උත්තරීතර භාවය ආරක්ෂා වන පරිදි අපි කටයුතු කළ යුතුයි. මගේ දේශපාලන ගමනට සහය දීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, වත්මන් සභානායක වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, වත්මන් ස්වදේශ කටයුතු ඇමති ජෝශප් මයිකල් පෙරේරා මහතා වැනි දැවැන්ත දේශපාලන නායකයන් නිහතමානීව සිහිපත් කළ යුතුයි" යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya