මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායකවරයාගේ මෑණියන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    ජනවාරි 19, 2015
    විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත එච්.එම්. ලීලාවතී පොඩිමැණිකේ ගුරු මාතාවගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (18) පෙරවරුවේ සිය අවසන් ගෞරව දැක්වීය.
     
    දේහය තැන්පත් කොට තිබූ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බදුල්ලේ පිහිටි නිවසට ගිය ජනාධිපතිතුමා එතුමාගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් වෙත සිය සංවේගය පළ කර සිටියේය.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya