මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේ ජනපති බැහැ දකී

    ජනවාරි 14, 2015

    ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීය.


    පාප් වහන්සේ සහ ජනාධිපතිතුමාගේ මූලික සාකච්ඡාවෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද එම සාකච්ඡාවට එක් විය.

    මෙහිදී ශුද්ධෝත්තම පියතුමා, ජනාධිපතිතුමාට 1562 වසරේ දී බර්තොලවේ ඔලිවා විසින් සම්පාදනය කළ නාවුක සිතියම් 14ක එකතුවක් ත්‍යාග කළ අතර එහි ශ‍්‍රී ලංකාවේ සිතියමක් ද ඇතුළත් වේ. ජනාධිපති සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලාංකික කැටයම් සහිත රන් කෙන්ඩියක් පාප් වහන්සේට ප‍්‍රදානය කළේය.

    අනතුරුව සුදතුම් ලංකා ගමන වෙනුවෙන් නිකුත් කළ මුල්දින කවරය සහ මුද්දරයක් ද ජනාධිපතිතුමා විසින් උන් වහන්සේට ප‍්‍රදානය කරන ලදී.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විශේෂ සමරු රිදී කාසිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් උන් වහන්සේ වෙත පිළිගන්වන ලදී. ශ‍්‍රී ලංකාවේ සහ ශුද්ධ වූ වතිකානයේ සුහද මිත‍්‍රත්වයේ සංකේතයක් ලෙස මෙම ත්‍යාග හුවමාරුව සිදු කෙරුණි.

    ශුද්ධෝත්තම පියතුමා රැස්ව සිටි පිරිසට පුද්ගලික වශයෙන් ද ආශිර්වාද කළේය.

    ශුද්ධෝත්තම පියතුමාගේ චාරිකාවේ සන්ධාන අමාත්‍ය වශයෙන් කටයුතු කරන අමාත්‍ය රවි කරුණානායක, ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන, අග‍්‍රාමාත්‍ය ආර්යා මෛත‍්‍රී වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු අනෙකුත් මැති ඇමතිවරු, විවිධ දේශපාලන පක්‍ෂ නියෝජිතවරු මේ අවස්ථාවට එක් වූහ.

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya