මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    ජනවාරි 12, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යටතේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද (12) පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේය.

    එහිදී කැබිනට් අමාත්‍යවරුන් 27 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු දිවුරුම් දීම සිදු කළහ.

    පහත දැක්වෙන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලයයි. 

    කැබිනට් අමාත්‍ය මණ්ඩලය

    1 -
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධනඅමාත්‍ය

    2 -
    ජෝන් අමරතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය

    3 -
    ජොශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු අමාත්‍ය 

    4 -
    ගාමිණි ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව පිළිබඳ අමාත්‍ය 

    5 -
    මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍ය 

    6 -
    කරු ජයසූරිය - බුද්ධ ශාසන අමාත්‍ය 

    7 -
    ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත අමාත්‍ය 

    8 -
    රවී කරුණානායක - මුදල් අමාත්‍ය 

    9 -
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහනඅමාත්‍ය

    10 -
    පාඨලි චම්පික රණවක - විදුලිබල හා බලශක්තිඅමාත්‍ය

    11 -
    රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍යඅමාත්‍ය

    12 -
    දුමින්ද දිසානායක - වාරිමාර්ග අමාත්‍ය 

    13 -
    කබීර් හෂීම් - මහමාර්ග හා ආයෝජන ප්‍රවර්ධනඅමාත්‍ය

    14 -
    එම්.කේ.ඩී.එස් ගුණවර්ධන - ඉඩම් අමාත්‍ය 

    15 -
    සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි අමාත්‍ය 

    16 –
    විජයදාස රාජපක්ෂ - අධිකරණ අමාත්‍ය

    17 –
    ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය අමාත්‍ය 

    18 –
    නවීන් දිසානායක - සංචාරක කටයුතු අමාත්‍ය 

    19 –
    අර්ජුන රණතුංග - වාරය නා නාවික අමාත්‍ය

    20 –
    රිෂාද් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ අමාත්‍ය 

    21 –
    පලනි දිගම්බරම් - වතු යටිතල පහසුකම් අමාත්‍ය 

    22 –
    ඩී.එම් ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම්, නැවත ඉදිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

    23 –
    අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන අමාත්‍ය 

    24 -
    තලතා අතුකෝරාල - විදේශ රැකියා ඇමතිනි 

    25 -
    රංජිත් මද්දුම බණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය 

    26 -
    පී. හැරිසන් - සමාජ සේවා හා සුබසාධන අමාත්‍ය 

    27 -
    චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු අමාත්‍ය 



    රාජ්‍ය අමාත්‍යවරුන්

    01 -
    නන්දිමිත්‍ර ඒකානයක - සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය 

    02 -
    වී. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය 

    03 -
    ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය 

    04 -
    පාලිත රංගේ බණ්ඩාර - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය 

    05 -
    දිලීප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය 

    06 -
    රෝසි සේනානායක - ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි 

    07 -
    රජිව් විජේසිංහ - උසස් අධ්‍යාපන රජ්‍ය අමාත්‍ය

    08 -
    රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 

    09 -
    කේ. වේලායුදන් - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 

    10 -
    නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය 



    නියෝජ්‍ය අමාත්‍යවරුන් 

    01 -
    චම්පික ප්‍රේමදාස - කර්මාන්ත හා වාණිජ කටයුතු නි‍යෝජ්‍ය අමාත්‍ය 

    02 -
    හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සංවර්ධන හා ආර්ථික කටයුතු නි‍යෝජ්‍ය අමාත්‍ය 

    03 -
    එරාන් වික්‍රමරත්න - මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 

    04 -
    සුජීව සේනසිංහ - අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය 

    05 -
    වසන්ත සේනානායක - සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 

    06 -
    විජයකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමතිනි 

    07 -
    අජිත් පී. පෙරේරා - විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 

    08 -
    අනෝමා ගමගේ - වාරිමාර්ග නි‍යෝජ්‍ය ඇමතිනි


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya