මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන නායකත්වය හා රාජ්‍ය සේවය රටට ආදර්ශමත් විය යුතුයි

    ජනවාරි 12, 2015
    දේශපාලන නායකත්වයත් රාජ්‍ය සේවයත් රටට ආදර්ශමත් ව කටයුතු කිරීම තුළින් සැවොම එක් ව ප්‍රාර්ථනා කරන යහපාලනය ළඟාකරගත හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ප්‍රබුද්ධ රාජ්‍ය සේවයක් රට තුළ පවත්වා ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව පැවසූ ජනාධිපතිතුමා වරින් වර බලයට පත් වන දේශපාලනඥයන්ගේ අතකොළු නොවී දීර්ඝ කාලීනව කටයුතු කිරීමට සුදුසු රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බව ද පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව පැවසුවේ අද ( 12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කරමිනි.
     
    යුගයේ අවශ්‍යතාවන් අනුව රට තුළ නව දේශපාලන සංස්කෘතියක් හා පරිපාලනමය වෙනසක් ඇති කළ යුතු ව ඇති බව පැවසූ ජනාධිපතිතුමා දුගීබව තුරන් කිරීමටත් දූෂණය නැති කිරීමටත් එක් ව කටයුතු කිරීමට නැවත වතාවක් සියලු දෙනාට ම ආරාධනා කරන බව ද පැවසීය.
     
    දැහැමින් රට පාලනය කිරීම තුළ සියලු දේ යහපත් වන බව අවධාරණය කළ ජනාධිපතිතුමා රජුන් නොව සේවකයන් සේ සලකා ක්‍රියාකිරීමෙන් යහපාලනය උදාකරගත හැකි බව ද මෙහිදී පෙන්වා දුන්නේය.
     
    තම මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි දින සියයක් තුළ සිදු කළ යුතු වෙනස ඇති කිරීමටත් එහි සඳහන් අනෙකුත් ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට සියලු ම ජනතා නියෝජිතයන්ගේත්, ඔබ සියලු දෙනාගේත් සහය අපේක්ෂා කරන බවත් පැවසූ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය සාර්ථක ව පවත්වා ගැනීමට සහය දුන් සැමට ස්තූතිය පුද කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ අති පූජ්‍ය ත්‍රීකුණාමලේ ආනන්ද හිමිපාණන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය රතන හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකතුමන්ලා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාධ ක්‍රිෂ්ණන්, පී. දිගම්බරන්, ආර්. සම්බන්ධන්, රජීව් විජේසිංහ මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
     
    DB
     
    HE MAITHREE ASSUME DUTY 1
     
    HE MAITHREE ASSUME DUTY 2
     
    HE MAITHREE ASSUME DUTY 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya