මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජනපතිට ලොව රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම්

    ජනවාරි 12, 2015
    ශී‍්‍ර ලංකාවේ නව ජනපති ලෙස බලයට පත් මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයෝ සුබපැතුම් පිරිනමති.
     
    සාර්ථක සහ සාමකාමී මැතිවරණයක් පවත්වමින් මේ ලද ජයග‍්‍රහණය අගය කරන අතර තම රටවල සංචාරය සඳහා පැමිණෙන ලෙස නව ජනාධිපතිවරයාට ඇරැයුම් කර තිබේ.
     
    ලෝක නායකයන් අතර ජගත් මහ ලේකම් බැන්කි මූන් මහතා ද සිටින අතර ඊට අමතරව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂරිෆ්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, චින ජනාධිපති ෂී ජින්පින්, මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල් ගයුම් යන මහත්වරු සහ  ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලි බිෂොප් මහත්මිය ද ඒ අතර වෙති.
     
    ශී‍්‍ර ලංකාවේ සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ සශී‍්‍රකත්වය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් සුදානම් බව ද ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා ප‍්‍රකාශ කර තිබේ. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya