මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා විපතට පත් ජනතාවගේ සහන කටයුතු සොයා බැලීමට පූර්ණ අවධානය යොමුකරයි

    දෙසැම්බර් 28, 2014

    අද (28) පෙරවරුවේ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගී නො වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ සහන කටයුතු පිළිබඳ සොයාබැලීමට සිය පූර්ණ අධානය යොමුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    නායයාමෙන් විපතට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සහන කටයුතු සොයාබැලීමට අද පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා බදුල්ල රිප්පොළ, මැදගම, මොරගොල්ලාවත්ත ප්‍රදේශයේ සහ රිප්පොළ කැටවලත්ත ප්‍රදේශයේ නායයාම්ලට ලක් වූ ස්ථාන වෙත ගියේය.


    අනතුරුව ආපදාවට ලක් වූ ජනතාව වෙසෙන බදුල්ල වැලිකේමුල්ල මහා විද්‍යාලය වෙත ද ගොස් එම ජනතාවගේ සුවදුක් විමසීය.

     

    නායයෑම් හේතුවෙන් විනාශයට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සියලු නිවාස ආපදාවට ලක් නොවන ප්‍රදේශ හඳුනාගෙන නැවත ඉදිකර දීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා එහිදී පැවසීය.

     

    එනේ ම විපතට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන කටයුතු විධිමත් අයුරින් අඛණ්ඩව ම ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.

     

    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා මහත්වරුන් ද මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ, පා.ම. උදිත ලොකුබන්ඩාර යන මහත්වරු ද රාජ්‍ය නිලධාරිහු ද මීට එක් ව සිටියහ.

     

    pmu_ Pix By : Sudath Silva

    President Pays Fullest Attention to Relief Efforts 1

     

    President Pays Fullest Attention to Relief Efforts 2

     

    President Pays Fullest Attention to Relief Efforts 3

     

    President Pays Fullest Attention to Relief Efforts 4

     

     

     

    President Pays Fullest Attention to Relief Efforts 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya