මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යාමෙන් විපතට පත් බදුල්ල දිස්ත්‍රික් ජනතාවගේ සුබසාධන කටයුතු ජනපති සොයා බලයි

    දෙසැම්බර් 28, 2014

    අයහපත් වැසි සහිත කාලගුණයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු ව ඇති නායයෑමෙන් විපතට පත් ව ඇති ජනතාවගේ සුබසාධන කටයුතු ගැන සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (27) පස්වරුවේ එම ප්‍රදේශවල සංචාරයක නිරත විය.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, කුඹල්වෙල සහ උඩුවල ප්‍රදේශවල සංචාරය කරමින් නිවාස කඩා වැටීම්, මාර්ග අවහිරවීම් සිදු වූ ස්ථානවලට ගිය ජනාධිපතිතුමා උඩුවල, සුබෝධාගම ප්‍රදේශයේ නාය යාම සිදු වූ ස්ථානයට ද ගොස් එහි ජනතාව හමු වී ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

     

    බදුල්ලේ අද පැවැත්වීමට තිබූ ජනහමු 5ක් අවලංගු කරමින් ජනාධිපතිතුමා අද පෙරවරුවේ අනුරාධපුරයේ ද පස්වරුවේ බදුල්ලේ ද විපතට පත් ජනතාව වෙත ගොස් ඔවුන් හමු වී සුබසාධන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

     

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ බදුල්ලේ දී පැවසුවේ “විපතට පත් ජනතාව අද තවමත් ඉන්නේ පාසැල්වල, ගෙවල් නාය යෑමට ඉඩ තියෙන නිසා. නාය ගිහිල්ලා තියෙනවා ගෙවල් වැස්සට කැඩිලා තියෙනවා. මරණ සිදුවෙලා තියෙනවා. ජීවිත අපිට ආපහු දෙන්න බැහැ. අපි ඒ ගැන කනගාටුවෙනවා. නමුත් ජීවත්වෙලා ඉන්න හැමදෙනාගේම කැඩිච්ච නිවාස නැවත සකස් කර දෙන්න ක‍්‍රියාත්මක වෙනවා. මම හමුදාවෙන් ඉල්ලීමක් කළා. ඒ නිවාස නැවත හදලා දෙන්න කියලා. ත‍්‍රිවිධ හමුදාව යුද්ධය විතරක් නෙවෙයි මෙවැනි ආපදා වෙලාවට ඉදිරිපත්වෙලා ජාතිය ආරක්ෂා කරන්න රට ආරක්ෂා කරන්න පියවර ගන්නවා. සමහර වැව් කැඩිලා යන්න හදන කොට ඔවුන් ඉදිරිපත්වෙලා වැලි ගෝනි ගහගෙන. පැය 24ම නිදිමරාගෙන වැඩකරනවා. අදත් මේ නිවාස හදලා දෙන්න ඔවුන් ඉදිරිපත් වුණා. ඒ සියල්ල අපි කරනවා. ඒ වගේම ගෙදර පදිංචිවෙලා ඉන්නකොට ඒ මූලික බඩු ගන්‍න ආධාර මුදලකුත් දෙන්න මම නියෝග කළා. මොණරාගල නියඟෙ කාලේ මෙවැනිම ප‍්‍රශ්නයක් ඇති වෙලා එතකොට අපි නියඟයෙන් විපතට පත් අයට ආධාර දෙනකොට මේ අය ගියා උසාවි. දැන් මේකටත් උසාවි යන්න බලාගෙන ඉන්නවා. වෙලාවට උසාවිය වහලා නිවාඩු. ඉතිං උසාවි යන්න බැරිව එහාටයි මෙහාටයි දුවනවා දැන්. මම කිව්වා සමහර නිලධාරීන්ට මේ මැතිවරණය කියලා මැතිවරණය බදාගෙන ඉන්න බෑ. මේ කටයුතුවල වහාම නිරතවීම ඔවුන් කළ යුතුයි කියලා මම ඔවුන්ට නියෝග කරලා තියෙනවා. අපේ වගකීමක් තියෙනවා මෙවැනි අවස්ථාවක දී එවැනි කාර්යයන්වලට අපේ මැතිඇමතිවරුන් යොදවන්න.“

     

    pmu_ Pix By : Sudath Silva

    Landslide Affected Areas in Badulla 1

     

    Landslide Affected Areas in Badulla 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya