මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු සොයා බැලීමට ජනපති යයි

    දෙසැම්බර් 28, 2014

    අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ සුභසාධන කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (27) අනුරාධපුරයේ සංචාරයක නිරත විය.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව රැඳී සිටින මහින්ද කණිෂ්ඨ විද්‍යාලයේ පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථානට පැමිණි ජනාධිපතිතුමා එහි සිටින ජනතාවගේ සුව දුක් විමසා බැලීය. ඉන් පසු ව එම ජනතාවට සහන සැලසීම පිළිබඳ ව පැවති සාකච්ඡාවකට ද එක් විය. මෙම ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස එයට සහභාගී වූ නිලධාරින් සඳහා උපදෙස් ලබා දෙන ලදී. එසේම වගා හානි සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ඒ සඳහා උපදෙස් දුන් බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

     

    උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද මහ ඇමති රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වීරකුමාර දිසානායක, ඩබ්ලිව්.බී. ඒකනායක මහත්වරු ද නිලධාරීහු ද එක් ව සිටියහ.

     

    pmu_ Pix By : Sudath Silva

     

    Anuradhapura People Affected by the Inclement Weather 1

     

    Anuradhapura People Affected by the Inclement Weather 2

     

    Anuradhapura People Affected by the Inclement Weather 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya