මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ආශීර්වාද ලබාගනී

    දෙසැම්බර් 28, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (27) උදෑසන මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.

    අයහපත් කාලගුණ තත්ත්වය පහව ගොස් ජනතාවට පීඩාවක් සිදු නොවේවායිද ප්‍රාර්ථනය කරමින් ජනාධිපතිතුමා එහිදී ආගමික වතාවත්වල නිරත විය.

     

    අනතුරු ව ජනාධිපතිතුමා මල්වතු මහා විහාරයට හා අස්ගිරි මහා විහාරයට ගොස් අතිපූජ්‍ය මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය උන්වහන්සේලාට පිළිගැන් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

     

    මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සහ පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි ද අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ගලගම අත්ථදස්සී හිමිපාණන් සහ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සී හිමිවරුන්ට ද එය පිළිගන්වනු ලැබීය.

     

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහ ඇමති සරත් ඒකනායක, පා.ම. ලොහාන් රත්වත්තේ මහත්වරු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    pmu_ Pix By : Sudath Silva

    President observes religious rites at the Tooth Relics 1

     

    President observes religious rites at the Tooth Relics 2

     

    President observes religious rites at the Tooth Relics 3

     

    President observes religious rites at the Tooth Relics 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya