නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔබට සහ ඔබේ දරුවට සුරක්ෂිත ලංකාවක් බිහිකරන්නට අපි සූදානම් - ජනපති

    දෙසැම්බර් 16, 2014

    මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නට අපි කරගෙන ගිය වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඔබට සහ ඔබේ දරුවට සුරක්ෂිත ලංකාවක් බිහිකරන්නට අපි සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය.

    ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන තෙවැනි විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඊයේ (15) පස්වරුවේ පානදුර ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේය.

     

    ඇද හැළුණු මහ වැසි මධ්‍යයේ ද ජනාධිපතිතුමන් වෙනුවෙන් රැඳී සිටි මහ ජනකායට ජනාධිපතිතුමන් සිය ස්තූතිය ප්‍රකාශ කළ අතර එහි පැවති වර්ෂාව නිසා ජනාධිපතිතුමන් ඉතා කෙටියෙන් සිය අදහස් පළ කළේය.

     

    මහජනතාව ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, “මේ ලංකා භූමියෙන් ත්‍රස්තවාදය අතු ගා දැම්මත් පිටරට ඉඳගෙන කරන මේ ත්‍රස්තවාදය නැවතිලා නෑ. ඒ බෙදුම්වාදීන් අදත් ඉන්නවා. ඔවුන් වෙනම පාර්ලිමේන්තුවක් හදාගෙන ඇමති මණ්ඩලයක් හදාගෙන මේ කරගෙන යන වැඩපිළිවෙළින් අපි පරිස්සම් වෙන්න ඕනෙ. වෙනම පාර්ලිමේන්තුවක් හදා ගෙන ඇමති මණ්ඩලයක් හදාගෙන ඔවුන් කර ගෙන යන මේ වැඩපිළිවෙළට අපි පරිස්සම් විය යුතුයි. ඒ අයට උල් පන්දම් දෙන පිරිසක් අදත් ඉන්නවා. එය පරාජය කිරීමේ සටන අපිට තවදුරටත් ඉදිරියටත් කරගෙන යන්න තියෙනවා. ජනවාරි 08 වෙනිදා ඔබතුමන්ලා උදේ පාන්දරම ඡන්ද පොළට ගිහිල්ලා බුලත් කොළයට කතිරය ගහලා ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න. ඊට පස්සෙ අපි 09 වෙනිදට කිරිබත් කමු.“ යැයි ප්‍රකාශ කළේය.

     

    අමාත්‍යවරුන් වන රෙජිනෝල්ඩ් කුරේ, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, කුමාර වෙල්ගම, තිස්ස විතාරණ, මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද සමරසිංහ, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර, තිස්ස අත්තනායක යන මහත්වරු ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක ප්‍රියන්ත බන්ඩාර මහතා ද ජන රැලිය ඇමතූ අතර ජ්‍යේෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, අමාත්‍ය නිර්මල කොතලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතවරු රැසක් ද මීට එක් ව සිටියහ.

     

    SDF/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya