අද (15) පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපතිතුමා හමු වූ ඒ මහතා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සඳහන් කළේය.
තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ බව මෙහිදී පැවසූ ඒ මහතා මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණත් ඒ සඳහා පක්ෂ්ය කටයුතු නොකළ අතර විවිධ පිරිස්ගේ උගුල්වලට හසු වී ඇති පක්ෂය අද කඩා වැටෙමින් තිබෙන බව ද පෙන්වා දුන්නේය.
වසර 11ක් රට විනාශ කළ චන්ද්‍රිකා කුමාරතුංගගේ අවශ්‍යතාවන් ඉටුකරන එක්සත් ජාතික පක්ෂය තුළ අද කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බව පෙන්වා දුන් ඒ මහතා; තමන්ගේ ජනපතිවරණ අපේක්ෂකත්වය පාවා දුන් එක්සත් ජාතික පක්ෂයට නො ව රටට වැඩ කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය ලබා දෙන මෙන් සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.
ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර 05ක් පමණ කටයුතු කර ඇති තිස්සකුට්ටිආරච්චි මහතා මහියංගනය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ද වෙයි.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
NDH/pmu_pix bY Chandana Perera