අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ජනාධිපතිවරයා සකස්කර තිබූ නියමයන් 03ක් අනුමැතිය සඳහා ඉදිරිපත් කරමිනි.
අත්‍යවශ්‍ය භාණ්ඩ, සැපයීමේ ඌනතාවක් ඇති භාණ්ඩ බදු සංශෝධනයක් සිදු කළා. 2014 රුපියල් මිලියන 40ක් පමණ රාජ්‍ය ආදායමක් උපයා ගෙන ඇත. පනත ගැසට් නිවේදනයක් මඟින් ක්‍රියාත්මක කරමින් ජාතික හා අන්තර්ජාතික ගැසට් නිවේදන සංශෝධනය කරමින් 2014 ආනයන අර්තාපල් සඳහා පැනවූ 5%ක බදු 15% දක්වා ඉහළ නැංවූවා.
ආනයන අර්තාපල් සඳහා බදු අනුපාත ඉහළ නැංවුව ද අස්වැන්නේ වැඩිවීම නිසා එය 40%ක් දක්වාත් බොම්බයි ළූනු 19% දක්වාත් ඉහළ නැංවූවා. දේශීය සහල් මිල ඉහළ නැංවීමට වෙළෙඳ භාණ්ඩ බද්ධ ඉහළ දැමීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දේශීය කෘෂී කර්මාන්තයේ සුරක්ෂිතතාව මෙන්ම කාලගුණික විපර්යාස මඟින් සිදු වෙන හානි අවම කර ගැනීමටත් මින් හැකියි. ආනයනික අර්තාපල් සඳහා බදු මිල ඉහළ දැමීම මින් සිදු කෙරෙනවා. මෙයට ආදාළ ගැසට් නිවේදන අනුමත කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.
NDH/HC