නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මාතර කෝට්ටේගොඩ සුදුවැල්ල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවක

    දෙසැම්බර් 12, 2014

    අද (12) දහවල් මාතර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තෙලිජ්ජවිල පොළ භූමියේකෝට්ටේගොඩ සුදුවැල්ල ධීවර වරායේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


    ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එම ස්ථානයේ රැස්ව සිටි අතර ඔවුන් මහත් හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගත්හ.

    තමන් මුහුණ දී සිටින ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදී ධීවර ප්‍රජාව ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළ අතර ඒ කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

    සුදුවැල්ල ධීවර තොටුපොළට වරායක් සෑදීම ඡන්ද පොරොන්දුවලට සීමා වී තිබූ යුගය නිමා කරමින් ධීවර තොටුපොළ අරුණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 350ක වියදමින් නැංඟුරම් ධීවර වරායක් ඉදිකිරීමට කටයුතු කළේ මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළිනි.ධීවර වරායේ ඉදිරි කටයුතු අවසන් කිරීමට ද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී ධීවර ප්‍රජාවට පැවසීය. 


    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/pmu_pix by Udesh Gunarathna

    05

     

    08

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya