නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නාමයෝජනා බාර දෙයි

    දෙසැම්බර් 08, 2014

    2015 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (08) පෙරවරු 10.48ට පමණ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී මැතිවරණ මහකොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත සිය නාමයෝජනා පත්‍රය භාර දෙනු ලැබීය.


    ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් නාමයෝජනා භාරදීමට ජනාධිපතිතුමා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැමිණ සිටියහ.

    අද පෙරවරු 9.00 සිට 11.00 දක්වා මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා අතර 11.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීමට ද නියමිතය.

    ජනාධිපතිතුමා වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා ඇප මුදල් තැන්පත් කළේය.

    ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (07) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබේ.

    ජනාධිපතිවරණය ජනවාරි 08 දින පැවැත්වෙන අතර 2014 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්දදායකයෝ 15,044,490ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya