එහි නායක අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (06) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළහ.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලීම් ඇතුළත් ලේඛනයක් ද මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.
ඔවුන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේ සියලු ආගම් ඇදහීමේ අයිතිය ශ්‍රී ලාංකේය ජනතාව සතුවන බවයි. එම අයිතිය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, සංවිධායකවරුන්, එම පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවලට තේරී පත් ව සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතවරු ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා හමු වූ අතර මේ අවස්ථාවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරු ද එක් ව සිටියහ.
HC/pmu_Pix by: Sudath Silva