නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන වෛරයෙන් පෙළෙන්නන් තම අරමුණු ජනතාව ලවා ඉටුකර ගන්නවා

    දෙසැම්බර් 07, 2014
    දේශපාලන වෛරයෙන් පෙළෙන ඇතැමුන් තම කුහක අරමුණු මේ රටේ ජනතාව ලවා ඉටු කරගැනීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    රට ගැන නොව බලය ගැන සිතන ඔවුන්ගේ වැඩපිළිවෙළට හසු නොවී සියලුදෙනාට සුරක්ෂිත රටක් ගොඩනැගීමට අත්වැල් බැඳගත යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පෞද්ගලික බස් කර්මාන්තයේ නිරතවන්නන් හමු වූ අවස්ථාවේ දී ය.
     
    රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන රටට සාමය උදා කිරීම හා කිසිදා නො වූ සංවර්ධනයක් රටට ගෙන ඒම තමන් සමග ඇති වෛරය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන්ට අවශ්‍ය රටේ සංවර්ධන ගමන ආපසු හැරවීමට බවද කියා සිටියේය.
     
    එමෙන් ම අන්ත පරාජයක් ලැබූ එල්ටීටීඊ ත්‍රස්තවාදය අද තමන්ගෙන් පලිගැනීමට මාන බලමින් සිටින බව ද පැවසු අතර ඒ සඳහා අපේම අය උල්පන්දම් ලබාදෙන බවත් මෙම වැඩපිළිවෙළ හඳුනාගනිමින් තම යුතුකම ඉටුකිරීමට මේ රටේ ජනතාව ඉදිරියට පැමිණිය යුතු බවත් ප්‍රකාශ කළේය.
     
    පෞද්ගලික ප්‍රවාහන සේවයට සුරක්ෂිත භාවයක් ලබාදෙමින් වෘත්තීය අභිමානයෙන් යුතු ව තම කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදුන්නේ වත්මන් රජය බවද පැවසූ ජනාධිපතිතුමා පෞද්ගලික ප්‍රවාහන සේවයත්, රාජය ප්‍රවාහන සේවයත් ගැටුමකින් තොර ව ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද කියා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya