මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ජංගම අලෙවි රථ

    දෙසැම්බර් 04, 2014

    "ගමට සවිය සතොස බඩිය" අත්‍යවශ්‍ය භාණ්ඩ ගම්මාන කරා බෙදා හැරීම සඳහා සතොස ලොරි රථ බෙදා දීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලු මුවදොරදී සිදු කෙරිණි.


    පාරිභෝගික ජනතාවගේ පහසුව වෙනුවෙන් ඔවුන් අසලට ම පැමිණෙන සතොස ජංගම අලෙවි රථය මඟින් අඩු මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයමින් සතොස ජංගම අලෙවි රථ 100ක් ස්වයංරැකියා ලාභීන් වෙත බෙදාදීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ග්‍රාමීය පාරිභෝගික ජනතාවට අවශ්‍ය සහල්, පොල්, ධාන්‍ය වර්ග, වියළි ආහාර ද්‍රව්‍ය මේ මඟින් අඩු මිලට ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

    අඩු ආදායම්ලාභී පවුල් 200කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මළු බෙදාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය
     
    සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
     
    NDH/pmu_pix by Sudath Silva

    04 1

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya