මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම දරුවකුගේම වගකීම කුමන බලවේග පැමිණිය ද අනාගතය ජයගැනීමට අධ්‍යාපනය ලැබීමයි - ජනපති

    දෙසැම්බර් 03, 2014

    ජාත්‍යන්තර භාෂා දැනුම සහ තොරතුරු තාක්ෂණය පසෙකලා අනාගතය ජයගත නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කුමන බලවේග පැමිණිය ද අනාගතය ජය ගැනීම සඳහා අධ්‍යාපනය ලැබීම සෑම දරුවකුගේම වගකීම බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.


    රටේ සියලු ම දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරයක් සකස්කර දීමට පසුගිය වසර කිහිපය තුළ රජය කැපවීමෙන් කටයුතු කළ බව ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

    නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයේ ඊයේ (02) පෙරවරුවේ පැවැති මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

    මෙවර අය-වැය මඟින් සිසුන්ට මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව 45,000ක් ලබාදීමට කටයුතු කර ඇත.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya