මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයට ජනපති වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

    දෙසැම්බර් 02, 2014

    එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා රාජගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ඊයේ (01) එම ඇපමුදල් තැන්පත් කිරීම සිදු කරන ලදී.

     

    මේ වන විට ජනාපධිතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ 5ක් ඇප තැන්පත් කර ඇත.

     

    පසුගියදා සමාජවාදී සමානතා පක්ෂය, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය, ජනසෙත පෙරමුණ සහ එක්සත් සමාජවාදී පක්ෂය ඇප තැන්පත් කර ඇති අතර එක්සත් නිදහස් සන්ධානය මෙසේ ඇප මුදල් තැන්පත් කළේය.

     

    ජනාධිපතිවරණයට අදාළ ව ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදෙන කාලය පසුගිය සඳුදා අරම්භ වූ අතර දෙසැම්බර් 05 දක්වා කාලසීමාව තුළ ඇප තැන්පත් කිරීම සිදුකළ හැකි බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

     

    පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකු රුපියල් 50,000ක සහ ස්වාධීන අපේක්ෂකයෙකු රුපියල් 75,000ක  මුදලක් ඇප වශයෙන් තැන්පත් කළ යුතුය.

     

    ජනාපධිතිවරණයේ නාමයෝජනා භාර ගැනීම දෙසැම්බර් මස 08 වැනිදා පෙරවරු 9.00 සිය 11.00 දක්වා පැය දෙකක කාලයක් රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදු කෙරෙනු ඇත.

     

    ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ද මේ වන විට ආරම්භ කර තිබේ.

     

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම ජනවාරි 08 වැනි දින පැවැත්වේ.

     

    NDH/priu

     

    UPFA deposit at the Elections Secretariat behalf of Mahinda Rajapaksa 1

     

    UPFA deposit at the Elections Secretariat behalf of Mahinda Rajapaksa 2

     

    UPFA deposit at the Elections Secretariat behalf of Mahinda Rajapaksa 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya