මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපති ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හමුවෙයි

    දෙසැම්බර් 02, 2014

    ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජෝසෆ් එස්. බ්ලැට්ටර් මහතා (Joseph S. Blatter) අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.


    ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අත්ර පාපන්දු ක්‍රීඩාවට උනන්දුව වැඩිකිරීම සඳහා ගත හැකි ක්‍රමෝපායන් පිළිබඳ ව ජනාධිපතිතුමා සහ බ්ලැට්ටර් මහතා අතර සාකච්ඡාවට බඳුන් විය.

     

    “පාපන්දු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත් වෙමින් පවතිනවා,” යැයි පැවසූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා. “අප පාසැල් මට්ටමින් එය ආරම්භ කළ යුතුයි.”

     

    එම මතයට එකඟ වූ බ්ලැට්ටර් මහතා, ළමුන්ගේ තරුණ අවදියේ දී මෙම ක්‍රීඩාව හඳුන්වා දීම ඉතා ඵලදායි උපායමාර්ගයක් බව පැවසුවේය.

     

    “ඔබට පාසල් තුළට යාමට හැකි නම්, එයයි නිවැරදි මඟ,” බ්ලැට්ටර් මහතා පැවසීය.

     

    ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්හට විදේශ පළපුරුද්ද ලබාගැනීමටත්, ලෝක පූජිත ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහය ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැතීය. ක්‍රිකට් සහ රගර් වැනි ක්‍රීඩාවන් ඉහළ තලයේ පවතින රටක, මෙවන් ක්‍රියාදාමයන්, රගර් ක්‍රීඩාව මෙන්, මෙම ක්‍රීඩාව ද ඉහළ මට්ටමකට ගෙන ඒමට සහ ප්‍රචලිත් කිරීමට ඉවහල් වනු ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

     

    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රන්ජිත් රොද්‍රිගු යන මහත්වරුන් සහ තවත් නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.


    HC/pmu_Pix By : Nalin Hewapathirana

    FIFA President Calls on President Rajapaksa 1

     

    FIFA President Calls on President Rajapaksa 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya