මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 02, 2014

    2012/2013 මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ දී අද (02) පැවැත්විණි.

    මෙවර අයවැයෙන් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව මාසික දීමනාව රුපියල් 2500 සිට රුපියල් 4000 දක්වා වැඩිකර ඇත. ඒ අනුව රුපියල් මිලියන 1800ක් වැය කරමින් සිසුන් 45,000කට මහපොළ ශිෂ්‍යත්ව ලබාදීමට රජය කටයුතු කර තිබේ.

     

    දිවයිනේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 13000කට අධික පිරිසකට ශිෂ්‍යත්ව ප්‍රදානය අද සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා අතින් ද සංකේතාත්මකව කිහිප දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි.

     

    අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නන්දිමිත්‍ර ඒකනායක, හේමාල් ගුණසේකර, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC/pmu_Pix By : Nalin Hewapathirana

    President Presides Mahapola Scholarships Awards Ceremony 1

     

    President Presides Mahapola Scholarships Awards Ceremony

     

    President Presides Mahapola Scholarships Awards Ceremony 2

     

    President Presides Mahapola Scholarships Awards Ceremony 3

     

    President Presides Mahapola Scholarships Awards Ceremony 6

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya