මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා ජනපති අතර හමුවක්

    දෙසැම්බර් 02, 2014

    ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් මහතා (Mr. Ajit Doval paid) අද (02) පෙරවරුවේ කොළඹ, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණි.


    අජිත් දොවාල් මහතා 2014 - ගාලු කතිකාව සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියි. ආරම්භ කර සිව් වසරක් තුළ මෙම අන්තර්ජාතික සමුළුවට ලැබී ඇති පිළිගැනීම දැඩි ලෙස අගය කළ යුතු බව ඔහු, ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ.

    2010 දී පැවති පළමු ගාලු කතිකාව සඳහා රටවල් 12කට ආසන්න සංඛ්‍යාවක් පමණක් සහභාගි විය. එහෙත් මෙවර රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් ඊට සහභාගි වී තිබේ. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කළ හැකි ක‍්‍රම පිළිබඳව ද මෙහිදී අජිත් දොවාල් මහතා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබේ.

    මේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

    NDH/pmu_pix by Chandana Perera

    indian 2

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya