මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතුයි - ජනපති

    දෙසැම්බර් 02, 2014

    ත‍්‍රස්ත‍වාදයෙන් නිදහස් කරගත් රට වෙනත් ආකාරයකින් යටත් කරගැනීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව ඊයේ (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සමථ මණ්ඩල සාමාජිකයින්ට උපහාර පුදකිරීමේ උත්සවයේ දී ජනාධිපති මහින්ද රජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.


    දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම්වලට හසු නොවී දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය. අස්ථාවර ආණ්ඩුවක් සහිත රටක සංවර්ධනය කරා ගමන් කළ නොහැකියි. බටහිර ජාතීන් උත්සාහ දරන්නේ අපේ රටටත් මේ ඉරණම උදාකරන්න යැයි ජනාධිපතිතුමා කියා සිටියේය.

    මේ නිසා අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටී රටේ ගොඩනැගී ඇති ස්ථාවරභාවය ඉදිරියට ගෙන යාමට එක් වීම සියලු දෙනාගේ වගකීම බවත් ජනාපධිතිතුමා අවධාරණය කළේය.

    විරසක අඹුසැමියන් දික්කසාදයට නොගොස් ඔවුන් යළි එකතුකිරීමේ යෝජනාවක් ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    සමථ මණ්ඩලය නියෝජනය කරමින් සුවිශේෂී සමාජ මෙහෙවරක් ඉටුකළ පැරණි සාමාජිකයන්ට උපහාර සහතිකපත් පිළිගැන්වීම ද මෙහිදී ජනාපධිතිතුමා අතින් සිදු විය.

    අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍යාංශයේ ලේකම් කමලනී ද සිල්වා, සමථ මණ්ඩල සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර හෙක්ටර් එස්. යාපා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya