අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් වැඩි ඡන්දයෙන් සම්මතයි

    අප්‍රේල් 25, 2014

    අපි කැසිනෝ දාන්න ඉඩ දෙන්නේ නැහැ - අමාත්‍ය බැසිල් අවධාරණය කරයි


    2013 සැප්තැම්බර් 23 වැනි දා සඳුදා ඉදිරිපත් කළ ගැසට් පත්‍රයේ විරුද්ධ පක්ෂය කියන සූදූ සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම්වලින් ද කියා තිබුණ බවත් මේ ගැසට් නිවේදනවලට අදාළ නියමයන්වලින් එය ඉවත් කළ බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අද විවාදයට ඉදිරිපත් කර ඇති අලුත් ගැසට් පත්‍රයේ නියමයන්වල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම් යන්න සඳහන් නොවන බව ද අපි කැසිනෝ දාන්න ඉඩ නොදෙන බව ද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ එජාපයේ ජෝසප් මයිකල් පෙරේරා මහතා සිය අදහස් පළ කරමින් සිටි අවස්ථාවේ දී ය.


    “ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් සම්මත කර ගැනීම සඳහා පැවැත් වූ විවාදයේ දී මෙය ඉදිරිපත් කළේ. මෙම ගැසට් නිවේදනයට අදාළ ගිවිසුම් තවම අත්සන් කර නැහැ. ගිවිසුම් අත්සන් කළාම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අදාළ ගිවිසුම් සභාගත කරන බවට රජය වෙනුවෙන් වගකීමෙන් අපි කියනවා.“ යැයි රාජපක්ෂ මහතා පැවසීය.


    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද නියමයන් දෙකක් අද (25) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.


    විවාදය අවසානයේ මෙම නියමයන් දෙක සඳහා වෙන වෙනම ඡන්ද විමසන ලද අතර වැඩි ඡන්ද 65ක් හා 68ක් ලබාගනිමින් නියමයන් දෙක ම සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂයට හැකි විණි.


    අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා ඇති 2014 ජනවාරි 30 දිනැති අංක 1847/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, පෙබරවාරි 18 දින ඉදිරිපත් කරන ලද නියමය සඳහා පක්ෂව ඡන්ද 112ක් ද විපක්ෂව ඡන්ද 44ක් ද ලැබිණි.


    2014 ජනවාරි 30 දිනැති අංක 1847/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, පෙබරවාරි 18 දින ඉදිරිපත් කරන ලද නියමය සඳහා පක්ෂව ඡන්ද 109ක් ද විපක්ෂව ඡන්ද 44ක් ද ලැබිණි.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya