අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග ප්‍රශ්නපත්‍ර ක්‍රියාවලියට දේශපාලන සම්බන්ධයක් නෑ

    අප්‍රේල් 24, 2014

    විභාග ප්‍රශ්නපත්‍ර ක්‍රියාවලියට දේශපාලනය සම්බන්ධ නොවන බවත් ඒ සඳහා අධ්‍යාපන පනත අනුව වෙනම උපදේශක සභාවත් පත්කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

     

    විභාග ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේදී තීන්දු තීරණ ගැනීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්ට උපදෙස් දීමට අපක්ෂපාත කණ්ඩායමක් පත් කර තිබේ. මේ පිළිබඳව මෙවැනි සභාවක කතා කිරීමේදී අසාධාරණයක් සිදු වන බව පැවසූ ඔහු ප්‍රශ්නපත්‍ර සැකසීම රහස්‍ය දෙයක් බව අවධාරණය කළේය.

     

    මෙහිදී කථා කළ කතානායත චමල් රාජපක්ෂ මහතා විභාග ප්‍රශ්නපත්‍ර සැකසීමේදී ඇති වන ගැටලු පිළිබඳ ව අවධානය යොමු කරන ලෙසත් නැතිනම් අනාගතයේදී පොඩි පොඩි ප්‍රශ්න නිසා ගැටලු ඇති විය හැකි බවත් ප්‍රකාශ කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya