අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස් ඩිපෝවලට නව බස්රථ 15 බැගින් ලබා දෙනවා

    නොවැම්බර් 13, 2014

    බස් ඩිපෝ සඳහා පරණ බස් අයින් කර අලුත් බස් යොදවන බවත් ඒ අනුව එක් ඩිපෝවකට ලොකු බස් රථ 15 බැගින් හා පොඩි බස් රථත් ලබා දෙන බවත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (13) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයක දී නැඟූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    මේ වන විට බස් රථ 10 බැගින් ලබා දී ඇත. පරණ බස්රථ අලුත්වැඩියා කරනවාට වඩා අලුත් බස් රථ යොදවන එක හොඳයි. මේ වන විට බස් ඩිපෝවල අවුරුදු 15ක් පමණ පරණ බස් රථ විශාල සංඛ්‍යාවක් ඇති අතර ඒවා හදා වැඩක් නැති බවත් ලංගමයට මෙන් ම මිනිස්සුන්ට ද හොඳ අලුත් බස් රථ යොදවන එක බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ පැරණි බස් රථ වෙන්දේසියේ දමා විකුණන අතර රාත්‍රී කාලයේ බස් ධාවනය ගැන කතා කිරීමේදී රෑ ගමන්වාර ලංගමය අනිවාර්යයෙන් දුවන බවත් පෞද්ගලික අංශයේ සහයත් මේ සඳහා ලැබිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya