මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සියලු වාරිමාර්ග එකවර ප්‍රතිසංස්කරණය කළ නොහැකියි

    ඔක්තෝබර් 27, 2014

    රටේ සියලු වාරිමාර්ග එකවර ප්‍රතිසංස්කරණය කළ නොහැකි බවත් ඉංජිනේරුවන්, තාක්ෂණ නිලධාරීන්, කම්කරුවන්ගේ හිඟය බලපාන බවත් ප්‍රමුඛතාව අනුව අවශ්‍ය ඒවා ප්‍රතිසංස්කරණය කරන බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (27) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මෙවර අයවැයෙන් ලංකාවේ පිහිටි 25,000ක් පමණ වන සුළු වාරිමාර්ග නඩත්තු කළ නොහැකි බවට සජිත් ප්‍රේමදාස මහතා කළ චෝදනාවට පිළිතුරු දුන් අමාත්‍යවරයා ලංකාවේ ඇති සියලු ම සුළු වාරිමාර්ග එක් වසරක් තුළ ප්‍රතිසංස්කරණය කළ නොහැකි බවත් එසේ කළ හැකි බව කිව හැක්කේ මනංකල්පිත දේශපාලකයන්ට පමණක් බවත් සඳහන් කළේය.

    එජාප කාලයේ සුළු වාරිමාර්ග අතහැර දමා තිබූ බවත් ඒ සඳහා රුපියල් 100ක් වත් වෙන් නොකළ බවත් ඔහු කීය.

    සුළු වාරිමාර්ග නඩත්තුවට වෙන ම අංශයක් පවත්වා ගෙන යන බවත් තම අමාත්‍යාංශයට අමතර ව පළාත් සභා හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වාරිමාර්ග නඩත්තු කරන බව කී අමාත්‍යවරයා රජයේ වාරිමාර්ග වැඩපිළිවෙළ සමස්ත ගොවි ජනතාව සතුටු කිරීම වුවත් ප්‍රේමදාස මහතා සතුටට පත් කරන්න මහා ශක්‍රයාටවත් නොහැකි බවත් කීය.

    වෙන් කර ඇති මුදල්වලින් සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කළ නොහැකි බවට චෝදනා කළ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබන 31 දින හම්බන්තොට අට්ටික්කා අමුණ ආරම්භ කරන අවස්ථාවට සහභාගී වන ලෙස මේ අවස්ථාවේදී කතානායක චමල් රාජපක්ෂ මහතා විවෘත ඇරයුමක් ද කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya