මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රශ්න අහන්න මන්ත්‍රීත් නැහැ, පිළිතුරු දෙන්න ඇමතිත් නැහැ

    ඔක්තෝබර් 27, 2014

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න අසා තිබූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද පිළිතුරු දීමට ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් ද අද (27) පාර්ලිමේන්තුවේ නොසිටීම පිළිබඳ ව කතානායක චමල් රාජපක්ෂ මහතා සිය නොසතුට පළ කළේය.


    "අසන මන්ත්‍රීත් නැහැ, පිළිතුරු දෙන්න ඇමතිත් නැහැ" කියා රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වාචික ප්‍රශ්න වටයේදී ප්‍රශ්න අසා තිබූ මන්ත්‍රීවරුන් 15 දෙනාගෙන් 13 දෙනෙකු ද පිළිතුරු දීමට නියමිත අමාත්‍යවරුන්ගෙන් බහුතරයක් ද නොපැමිණීම නිසාය.

    නොපැමිණි අමාත්‍යවරුන් වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අතර සමහර ප්‍රශ්නවලට කල් ලබා ගත්තේය. පැමිණ සිටියේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පමණි. එහෙත් ප්‍රශ්නය ඇසිය යුතු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය නොපැමිණි නිසා ඒ මහතා පිළිතුර සභාගත කළේය.

    පසුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැමිණි අතර එතුමාගේ කල් ඉල්ලා තිබූ ප්‍රශ්නයට පිළිතුරු ඒ මහතා සභාවට ලබා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya