මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවාදී අයවැයක්

    ඔක්තෝබර් 24, 2014

    ලංකා ඉතිහාසයේ 1947 සිට ඉදිරිපත් කළ මෙවැනි ජනතාවාදී අයවැයක් ප්‍රකාශ වී නොතිබුණු බව ජනමාධ්‍ය සහ තොරතුරු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.


    විශේෂයෙන් ම ජනාධිපතිතුමා රට වටා ගොස් ඒ ඒ අවස්ථාවලින් ලබාගත් යෝජනා අනුව මේ අයවැය සකස් කළ බවත් මෙය නියතවම ගොවි, කම්කරුවන්ගේ අයවැයක් ලෙස හැඳින්විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.


    මෙම අයවැයෙන් රාජ්‍ය සේවකයෙකුගේ අවම වැටුප රුපියල් 25,000ක් ලෙස වැඩි වන බවත් පැවසූ මන්ත්‍රීවරයා ජනතාවගෙන් කිසිවක් නොගත් ජනතාවට හැකි සියල්ලක්ම ලබා දුන් අයවැයක් වන බවත් කියා සිටියේය.


    වරිපනම් ලබා නොදී බදු අය නොකර ඉදිරියට ගමන් කරන්නේ කෙසේදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පෞද්ගලිකව ඇසූ තමන්ට, “ඒවා අපි කරන්නම් දෙන දේ අනිවාර්යෙන්ම දෙනවාමයි“ යනුවෙන් පිලිතුරක් ලැබුණු බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya