මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙබ් අඩවිවල තිබෙන ඕපාදූප හා කටකතා අනුව වැඩකරන්නට මේ ආණ්ඩුව සූදානම් නෑ

    ඔක්තෝබර් 25, 2014

    එක එක වෙබ් අඩවිවල තිබෙන ඕපාදූප හා කටකතා අනුව වැඩකරන්නට මේ ආණ්ඩුව සූදානම් නැතැයි සභානායක, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     

    අද වෙබ් අඩවිවල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන පළ වී ඇතැයි කියන කාරණයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සභාවේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේ කළ සඳහනක් පිළිබඳ ව කරුණු දක්වමින් සභානායකවරයා එසේ පැවසීය.

     

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති පනතක් ගැන විපක්ෂ නායකතුමා කතා කරන්නේ කෙසේ දැයි පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා විමසා සිටියේ ය.

     

    මෙහි දී අදහස් දක්මින් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ වෙබ් අඩවිවලට තමුන්ට වුවමනා කතා කියා පළ කරවා ගෙන පාර්ලිමේන්තුවේ දී ඒ ගැනප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා එවැනි කරුණු පාර්ලිමේන්තුවේ කීම ගැන අප කනගාටුවන බවය.

     

    සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ මේ ආණ්ඩුව වෙබ් අඩවිවලට අනුව වැඩ නොකරන බවයි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya