අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී ඩී.එෆ්.සී.සී. බැංකුව (ඉවත් කිරීම හා ආනුෂංගික විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කරමිනි.
ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන රටක් ලෙස විදෙස් රටවල් පිළිගෙන ඇති බවත් එබැවින් විදෙස් රටවල් සහන පොලී පදනම යටතේ ණය ලබා දෙනවා. 2014 අය-වැය කතාවේදී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය ඒකාබද්ධ කිරීමේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළා. මෙලෙස වැඩිදියුණු කිරීම මඟින් බැංකුව තවත් ශක්තිමත් වෙනවා. දැනට ක්‍රියාත්මක වන යෝජිත ඒකාබද්ධතාව ක්‍රියාත්මක කිරීමෙන් ඩී.එෆ්.සී.සී. බැංකුව, ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව සහ එන්.ඩී.බී. බැංකුව ඒකාබද්ධ වී තනි බැංකුවක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසීය.
අලුත් නමකින් තනි බැංකුවක් ලෙස මේ බැංකු තුන පවත්වාගෙන යාමයි මින් සිදු වෙන්නේ. ලෝක මූල්‍ය ක්‍රමය දැනට වසර කිහිපයක සිට ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. පසුගිය කාලයේ බැංකු රක්ෂණ සමාගම් කඩා වැටුණා. මූල්‍ය අංශයේ ව්‍යාපාරවලට රජය අත ගහන්නේ නෑ කියන සිද්ධාන්තයයි මුලින් තිබුණේ. ඇමරිකාවේත් මෙයයි ක්‍රියාත්මක වුණේ. පස්සේ ඇමරිකාව තීන්දුවක් ගත්තා රජයේ මුදල් වියදම් කර බැංකුවල ඇති වන බංකොලොත්භාවය නවතාලන්නට. අද වියට්නාම් ආර්ථිකයත් සම්පූර්ණයෙන් ම කඩා වැටිලා. අද ලෝකයේ මුදල් පරිහරණය තනි බොත්තමකින් කරන්නට බැහැ. එක තැනක මූල්‍ය අර්බුදයක් ඇති වූ විට එය වෙනත් තැන්වලටත් බලපානවා යැයි ඔහු කීය.
දේශීය ආර්ථිකය ශීඝ්‍ර වශයෙන් වෙනස් වීම නිසා අපට ස්ථීර ආර්ථික රටාවක් අවශ්‍යයි. වසර 2016 වන විට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4,000 අභිබවා යන්න බලාපොරොත්තු වෙනවා. එය 2020දී ඇමරිකානු ඩොලර් 7,000ක් කරන්නයි අපි සැලසුම් කර තිබෙන්නේ. රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධ වෙලා මධ්‍යම ගණයේ රැඳී ඉන්න අපි බලාපොරොත්තු වෙනවා. අද මේ පනත හරහා ඇති කරන නව බැංකුවට විශාල ප්‍රාග්ධන මුදල් ප්‍රමාණයක් ලබා ගත හැකියි. හොඳ යහපාලනයක්, රෙගුලාසි පද්ධතියක් තිබිය යුතුයි. ලෝක ප්‍රසිද්ධ සිටි බැංකුව බංකොලොත් වුණා. ලතින් ඇමරිකාවට ණය ලබා දීලා පියවා ගන්නට බැරි ව. සිටි බැංකුවේ ලෝගෝ එක පවා වෙනස් කරන්නට වුණා නැවත ප්‍රසාදය ලබා ගන්නට. ඒ නිසයි අපිට අවශ්‍ය අපේ බැංකුවල ස්ථාවරත්වය රැක ගන්නට යැයි ඔහු පැවසීය.
මේ තත්ත්වය රැක ගත් රජයට ස්තූති කළ යුතුයි. සක්විති ඇතුළු කඩා වැටුණු බැංකුවලට වුණේ විශාල ඩිපොසිට් එළියට යාමයි. ආරක්ෂක මුදලක් මේ අය ළඟ තිබුණේ නැහැ. අපේ එක ම බැංකුවකට වත් එහෙම වුණේ නැහැ. එකක් එහෙම වෙන්න ගියා ම රජය මැදිහත් වී එය වළක්වා ගත්තා. අර්බුදයකට මුහුණ දෙන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයක් අප සතු විය යුතුයි. අප රටේ බැංකු 34ක් තිබෙනවා. ඉන් 12ක් විදේශීය බැංකු, 22ක් දේශීය බැංකු. රුපියල් ට්‍රිලියන 6.3ක් පමණ බැංකු 5ක් මඟින් පමණක් මූල්‍ය පදනමක් තබා ගෙන සිටිනවා. බැංකුවලින් 68%ක් ක්‍රියාත්මක වන්නේ මේ බැංකු 5 හරහායි. විදේශ බැංකුවලින් අඩු පොලියට මුදල් ගැනීමට අපිට හැකියාව තිබෙනවා. එයට හේතුව ආසියාවේ වේගයෙන් දියුණු වන රටක් බවට ශ්‍රී ලංකාව විදේශ රටවල් පිළිගෙන තිබෙනවා, හඳුනාගෙන තිබෙනවා. මේ රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩි කර ගත යුතුයි. එයටත් අප විසඳුමක් ලබා දෙනවා. අපි හදන්නේ කුටුම්භ ආර්ථිකය ශක්තිමත් කරන්නයි. පවුලේ ආර්ථිකය නංවාලන්නේ නැති ව තනි පුද්ගලයකුට ආර්ථීකය ශක්තිමත් කරන්නට බැහැ. අද මුළු ලෝකය ම පිළිගත් අපේ ආර්ථික ගමන තමුන්නාන්සේලාත් පිළිගන්න කියා ඉල්ලනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/HC