මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලිබෝධනාශක වර්ග 30ක් ආනයනය තහනම් කර තිබෙනවා

    ඔක්තෝබර් 21, 2014

    පලිබෝධනාශක වර්ග 30ක් මේ වන විට ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද  (21) පාර්ලිමේන්තුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වන සමාගම් 32ක් මෙරට ක්‍රියාත්මක වුවත් ඒ කිසි ම සමාගමක් මෙතෙක් ලියාපදිංචි වී නොතිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සමාගම්වලට පසුගිය ජූලි සිට මාස 6ක් ඇතුළත ලියාපදිංචි වන ලෙස දැනුම් දී ඇති බව ද කීය.

    මහා පරිමාණයෙන් පලිබෝධනාශක ගෙන්වන සමාගම් 5ක් ඇති බවත් තහනම් කරන ලද පලිබෝධනාශක ගෙන්වීම හේතු කර ගෙන කිසිදු සමාගමක් අසාදු ලේඛනගත කර නැති බවත් ඔහු කීවේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya