මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන ජීවී නිලධාරීන් 200ක් බඳවා ගන්නවා

    ඔක්තෝබර් 21, 2014

    වන ජීවී නිලධාරීන්ගේ හිඟයක් පවතින නිසා නිලධාරීන් 200ක් බඳවා ගැනීමට විභාගයක් පවත්වා ඇති බවත් ඒ ප්‍රතිඵල අනුව ඉදිරියේ දී ඔවුන් බඳවා ගැනීමේ කටයුතු කරන බවත් වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     

    එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වන අලි පහරදීම නිසා වසරකට මිනිස් ජීවිත 60ක් 70ක් පමණ අහිමි වන බවත් වාර්ෂිකව මිය යන වන අලි සංඛ්‍යාව සාමාන්‍යයෙන් 250ක් පමණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    අලි මරා දැමීමට හක්ක පටස් යොදා ගැනීම ගැන පතිරණ මහතා කළ විමසීමට පිළිතුරු දුන් ඇමැතිවරයා හක්ක පටස්වලින් පමණක් නො ව ඇණ තට්ටු දැමීම, බොරු වලවල්, වෙඩි බැඳීම සහ දුම්රිය සීග්‍රගාමී ධාවනය තුළ දී ද වන අලි මිය යන බව පෙන්වා දුන්නේය. හක්ක පටස් දැමීම මොනරාගල හම්බන්තොට ප්‍රදේශවල නැති බවත් එම ප්‍රදේශවල බොහෝවිට පෞද්ගලික විදුලි වැටවල් නිසා සිදුවන හානි ඇති බවත් මේවා පරීක්ෂා කිරීමත් අනවසරයෙන් ඉදිකිරීම නවත්වා දැමීම වැනි විශේෂ කාර්යභාරයක් ඉටුකර තිබෙන බව ද කීය.

     

    මේ හැම දේකටම හේතුව වන අලියා වනාන්තරයෙන් එළියට පැමිණීම බවත් ඔහු වනාන්තරය තුළ රැඳවීමට වනජීවී සංරක්ෂණ බලප්‍රදේශය තුළ සුපෝෂණ ක්‍රියාවලිය සිදුකරමින් ආක්‍රමණික ශාඛ ඉවත් කර පිට්ටනි සහ විල්ලු නිර්මාණය කරමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.


    හම්බන්තොට නගරයේ ජීවත්වන අයටත් වන අලි ප්‍රශ්නයක් ඇතැයි ද ඒ ගැනත් සොයාබලන ලෙස ද කතානායක චමල් රාජපක්ෂ මහතා ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

     


    විශ්‍රාමික වෛද්‍ය සරත් විමලසූරිය මහතා අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස විදුලි වැටක් නිර්මාණය කර නොමැති බවත් ඔහු විසින් එනජයිසරයක් පමණක් හඳුන්වා දෙනු ලැබ ඇති බවත් අසන ලද පැනයට පිළිතුරු දෙමින් පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ එම එනජයිසරයේ විදුලිබල ධාරිතාව විදුලි වැටේ සිට කි.මී. 2ක දුර ප්‍රමාණය සඳහා විදුලිබලය සැපයීමට පමණක් ප්‍රමාණවත් වන බවයි.  වනජීවි සම්පත් දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති එනජයිසරය අයිතිකරු ඉල්ලා සිටින්නේ නම් එය නැවත ඔහුට බාර දිය හැකිය.


    වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොරටුව විශ්වවිද්‍යාලය සමඟ සකස් කරන ලද පිරිවිතරයන්ට අනුව මිලදී ගන්නා ලද එනජයිසරයක් මඟින් විදුලිවැට කි.මී. 10ක් සඳහා විදුලිය සපයනු ලැබේ. වෛද්‍ය සරත් විමලසූරිය මහතා නිෂ්පාදනය කරන ලද එනජයිසරය කි.මී. 2ක ප්‍රමාණය සඳහා පමණක් විදුලිය සපයන බැවින් එම නිර්මාණය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිකරනු ලබන විදුලි වැටවලට ප්‍රමාණවත් නැත. ඔහු විසින් නිෂ්පාදනය කර ඇති මෙම එනජයිසරය වර්ග කිලෝ මීටරයකට අඩු තාවකාලික හා ස්ථිර වගාවන් වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පුද්ගලිකව ඉදිකරනු ලබන විදුලි වැටවලට යොදාගැනීම සඳහා ප්‍රචලිත කිරීම සුදුසු වේ.


    දැනට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත පිරිවිතරයන් හා ඒ අනුව මිල දී ගෙන ඇති එනජයිසරය පිළිබඳ විස්තර වෛද්‍ය සරත් විමලසූරිය මහතා දැනුවත් කර එම මට්ටමේ එනජයිසරයක් වැඩිදියුණු කර ගන්නා ලෙස ඔහු වෙත දැනුම් දී ඇතැයිද අලි වැට ඉදිකිරීමේදී මායිම් ගැන නොසලකන බවත් ඒ සඳහා ප්‍රජාවගේ සහය ලබා ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.


    HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya