අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩිත ජනතාව ඉහළට ඔසවා තැබීම දිවි නැඟුම ව්‍යාපාරයේ අරමුණයි

    ඔක්තෝබර් 10, 2014

    දුකෙන්, පීඩාවෙන් දුප්පත්කමින් පීඩිත ජනතාව ඉහළට ඔසවා තැබීම දිවි නැඟුම ව්‍යාපාරයේ අරමුණ වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.


    අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    සමෘද්ධි ප්‍රතිලාභියකුගේ මරණයකදී, මඟුලකදී, උපතකදී යන සෑම අවස්ථාවකදී ම යම් මුදලක් දිවි නැඟුමෙන් ලබා දෙනවා. ඒ අනුව සමෘද්ධි ප්‍රතිලාභියාගේ උපතේ සිට මරණය දක්වාම රැකගැනීම මේ ඔස්සේ සිදු වෙනවා. මෙය මහා දැවැන්ත සමාජ ආරක්ෂණ අරමුදලක්. රටේ යටිතල පහසුකම් සංවර්ධනයටත් සමෘද්ධි ව්‍යාපාරය, දිවි නැඟුම දායක වෙනවා යැයි ඇය සඳහන් කළාය.

    සමෘද්ධි ව්‍යාපාරයේ මුදල් අයථා ලෙස පරිහරණය කරන බවට චෝදනා කිරීම ම සහගහන අපරාධයකි. සමහර දේශපාලන පක්ෂවලට ජනතාව දුප්පත් බවේ ගිලී සිටීම වැදගත්. තම දේශපාලන මතවාදය ජනතාවගේ දුප්පත්කම හරහා සමාජගත කිරීම එවැනි දේශපාලන පක්ෂවල අරමුණයි. නමුත් අද වන විට දුප්පත්කම සාපේක්ෂව අඩු වී තිබෙනවා. ඌව පළාත් සභා මැතිවරණයේදී එ.ජා.ප.ය, ජ.වි.පෙ. අන්ත පරාජයට පත් වුණා. දිවි නැඟුම යනු මේ රටේ ජනතාවගේ ජීවිතවල, පවුල්වල දුප්පත්කම තුරන් කිරීම සඳහා නිශ්චිත විසඳුමක් ලබා දිය හැකි ස්ථිරසාර වැඩපිළිවෙළක් බව ද ඇය පෙන්වා දුන්නාය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya