අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රී පෞද්ගලික පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙයි

    ඔක්තෝබර් 10, 2014

    දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ 2006 අංක 27 දරන පනත සංශෝධනය කිරීම සඳහා වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අද (10) පාර්ලිමේන්තුවේදී අවසර නොමැති බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා දන්වා සිටියේය.


    මේ පෞද්ගලික පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට රජය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා විරෝධය පළ කරමින් ඉල්ලා සිටි බෙදීම මත පැවති ඡන්ද විමසීමේදී කෙටුම්පත පිළිගැන්වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ වැඩි ඡන්ද 14කිනි.

    කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසරය ඉල්ලා සිටි යෝජනාවට ඡන්ද 13ක් ද ඊට එරෙහිව ඡන්ද 27ක් ද ලැබුණි. යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු එක් ව ඡන්දය භාවිත කළහ.


    කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා ඊට එරෙහි ව රජයේ විරෝධය පළ කළේ රජයේ රෙගුලාසි ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටියදී එජාපය එය පෞද්ගලික කෙටුම්පතක් මඟින් ගෙන එන්නේ සමාගම්වල වුවමනාව මත බවත් රජය දැඩි උත්සාහයකින් මේ කටයුතු සිදු කර ගෙන යන අවස්ථාවේදී එජාපය අනුන්ගේ ළමයින්ට උප්පැන්න සහතික හදන බවත් සඳහන් කරමිනි.

    මෙහිදී තමන්ට කෙටුම්පත ස්ථිර කිරීමට ඉඩ දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඝෝෂා කළ අතර ඊට මැදිහත් වූ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සජිත් ප්‍රේමදාස මහතාට යෝජනාව ස්ථිර කිරීමට ඉඩ දී දිනේෂ් ගුණවර්ධන මහතාගේ විරෝධය සභාව හමුවේ තැබීය. මෙහි වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා සිටිනවා යැයි ගුණවර්ධන මහතා පැවසූ විට ලලිත් දිසානායක මහතා දීර්ඝ අධිකරණ ක්‍රියාමාර්ගයක් අවසානයේ රජය මේ රෙගුලාසි ඉදිරිපත් කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කරමින් සිටින බවත් රජය එසේ කටයුතු සූදානම් කරමින් සිටියදී සමාගම්වල වුවමනාවට ලකුණු දමා ගැනීමේ ක්‍රියාවක විපක්ෂය යෙදී සිටින බවත් කීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya