අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිවාස ප්‍රතිපත්තියක් එළිදක්වන්න රජයට පුළුවන්කම ලැබුණා

    ඔක්තෝබර් 07, 2014
    නිදහසින් පසු මේ රට භාරගත් සියලු ම රජයන් විවිධ ප්‍රතිපත්ති, ක්‍රමවේද නිවාස ගැටලු විසඳීම සඳහා ඉදිරිපත් කළද නමුත් සැමට සාධාරණ ඉදිරි දැක්මක් සහිත ජාතික නිවාස 
    ප්‍රතිපත්තියක් සකස් නොවුණු බවත් පෙන්වාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 
    වත්මන් රජයට නිවාස ප්‍රතිපත්තියක් එළැදැක්වීමට හැකි වූ බවත් පෙන්වා දුන්නේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ ඊයේ (06) සුගතදාස 
    ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගී 
    වෙමිනි.
     
    "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටු රාශියක් තිබෙනවා. කම්කරු, ආහාර, ළමා ආදී 
    වශයෙන්. මේ සෑම කමිටුවක් ම මේ රටේ වැඩ ගැන ඉතා ම ඉහළින් පැහැදීමෙන් කතා 
    කරන්නේ. නමුත් ත්‍රස්තවාදී සමයේ මේ රටේ ආරක්ෂාව හොඳ නැහැ කියලා රටින් පැන 
    ගිය කණ්ඩායම් එකතු වෙලා හදාගත් ඩයස්පෝරාවත්, ඇතැම් බලවත් රටවලුත් එකතු 
    වෙලා බලපෑම් කරවන නිසා ජිනීවාවල තිබෙන ජගත් මානව හිමිකම් කමිටුවෙන් විතරයි 
    අපිට චෝදනා එල්ල කරන්නේ. ත්‍රස්තවාදය අවසන් කොට භුක්ති විඳින නිදහස ගැන ඒ 
    අය කතා කරන්නේ නැහැ. කෙසේ වෙතත් ජනාවාස කොමිසමෙත් ඉලක්ක අපි සම්පූර්ණ 
    කරගෙන යනවා. මේ ජනාවාස කොමිසමේ අරමුණු ආසියාවේ ඉතාම හොඳින් සපුරපු රට 
    ලංකාවයි. ඒ නිසා 2014 ලෝක ජනාවාස දිනය අපි සමරන්නේ විශාල අභිමානයකින්. 
    අපිට ඒ සඳහා ශක්තිය තිබෙනවා". 
     
    "අපේ රටේ නිවාසකරණයට පළමු රාජ්‍ය මැදිහත්වීම ලැබෙන්නේ 1915දී. ඒ යටත් 
    විජිත පාලකයෝ හඳුන්වා දුන් නිවාස හා නාගරික සංවර්ධන ආඥා පනත නිසයි. නිවාස 
    ගැටලුව බලපෑවේ නගරයට. කොළඹට සීමා වෙලා තිබුණු ජනාවාස ප්‍රශ්නය මහා පරිසර 
    ප්‍රශ්නත් සමඟ ගැටගැහිලා". 
     
    "1970 දී දුප්පත් ජනතාවගේ නිවාස අයිතිය වෙනුවෙන් හොඳ වැඩපිළිවෙළක් ආරම්භ 
    කළා. නමුත් 1977න් පස්සේ එය අත්හැර තනිකර දේශාපලන නිවාස වැඩපිළිවෙළක් 
    ආරම්භ කළා. ජනතාවගේ සංවේදී ප්‍රශ්න දේශපාලනීකරණය කරන එක හොඳ තත්ත්වයක් නොවෙයි". 
     
    ජාති, ආගම්, පක්ෂ භේදවලින් තොරව නිවාස වැඩපිළිවෙළවල් ආරම්භ කොට ක්‍රියාත්මක 
    කරන බව පැවසූ ජනාධිපතිතුමා දේශපාලනය නොව මනුෂ්‍යත්වය වැදගත් බවත් රටේ ජනතාව ලස්සන නිවාසයක, හොඳ පරිසරක ජීවත්වනවා දැකීම රජයට අවශ්‍ය බවත් 
    පැවසීය.
     
    "එදා වෙනත් රටවල රාජ්‍ය නායකයෝ ලංකාවට එනකොට සමහරුන්ට මේ නගරවලින් එළියට එන්න බැරි වුණා. එහෙම යුගයක් අපට අවශ්‍ය නැහැ. අද හැම වසරකම ලෝකේ පිළිගත් සමුළු ලංකාවේ පවත්වනවා. ලෝක නායකයන් ලංකාවට එනවා. ඒ අය දැන් ලංකාවට ආවම වෙනත් රටක් දකිනවා. ජනතාවගේ ජීවන ක්‍රමය වෙනස් කළ යුතුව 
    තිබෙනවා. අපි කරගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යන්න අපි හැමෝම එකතු 
    වෙන්න ඕනෑ".
     
    මහින්ද චින්තනයේ ආකාරයට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක් ම නිවසක් හිමි අයෙක් බවට පත්වෙන්න අවශ්‍ය යැයි කියන ප්‍රතිපත්තිය වත්මන් රජය සතු වන බවත් එය වත්මන් රජයේ දර්ශනය බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා එය ලබාදීම රජයේ අරමුණ බව ද පෙන්වා දුන්නේය.
     
    නිවාස සංවර්ධන වැඩසටහනට, ව්‍යාපෘතිවලට, අමාත්‍යවරයාට හා නිලධාරීන්ට සහයෝගය ලබා දී මේ රට පැල්පත් මානසිකත්වයෙන් මුදවා ගැනීමට රජයට හා කටයුතු කරන්න යැයි ජනාධිපතිතුමා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya