අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිවෙකුට ජනතාව රැවටිය නොහැකි බව ඌවෙන් සන්ධානය ලැබූ ජයග‍්‍රහණයෙන් තහවුරු වුණා

    සැප්තැම්බර් 30, 2014

    කිසිවෙකුටවත් අවශ්‍ය පරිදි මේ රටේ ජනතාව රැවටිය නොහැකි බව මෙවර ඌව පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයෙන් තහවුරු වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    රටේ දුප්පත් ම දිස්ති‍්‍රක්කයක් වූ මොනරාගල දිස්ති‍්‍රක්කය සහ දුෂ්කර ම පළාතක් වූ ඌව පළාත නගාසිටුවීමට රජය පසුගිය වසර කිහිපය තුළ විශාල වැඩකොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ මෙම ජයග‍්‍රහණය එම වැඩපිළිවෙළට ඌව පළාතේ ජනතාවගේ ආශිර්වාදය පළ කිරීමක් බව ද කියා සිටියේය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඌව පළාත් නව ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අවස්ථාවට අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි. 

    රජය ජයග‍්‍රහණ ලැබූ සෑම අවස්ථාවක ම ඊට එරෙහි ව චෝදනා ඉදිරිපත් කිරීම විපක්ෂයේ සිරිත බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බොරු අවලාදවලට හෝ අසත්‍ය ප‍්‍රචාරවලට රජයේ ගමන වැළැක්විය නොහැකි බව ද අවධාරණය කළේය.

    ඌව පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු ම මහජන නියෝජිතයන් එක් ව ඌව පළාත තව තවත් සංවර්ධනයෙන් ඉදිරියට ගෙන යනු ඇති බවට ද මෙහි දී විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා ජනතා අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඒවා මල්ඵල ගැන්වීමට කැපවන්න යැයි ද මෙවර පළාත් සභාවට තේරී පත් වූ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, කතානායක චමල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya