අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් නිව් යෝක්හිදී හමුවෙති

    සැප්තැම්බර් 28, 2014

    නිව් යෝක්: ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී-මූන් මහතා අද සවස (27 නිව් යෝක් වේලාවෙන්) නිව් යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සාකච්ඡාවක් සඳහා හමු වූහ.

     

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය පිළිබඳ සතුට පළ කළ බෑන් මහතා ශ්‍රී ලංකාව යුද්ධයට පසු ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සඳහන් කරමින් එවන් දේශපාලනික නායකත්වයක් යටතේ අනෙක් අභියෝග ද ජයගත හැකි බවට ඔහු බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර සිටියේය.

     

    නිම වීමට ආසන්න බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම්, සෞඛ්‍ය සේවය වැඩි දියුණු කිරීම සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීම හා නැවත සමාජගත කිරීම ද ඇතුළුව,  සිදු වී ඇති සංවර්ධන වැඩසටහන් තුළින් ලද ජයග්‍රහණයන් පිළිබඳ තොරතුරු විස්තර කිරීමක් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් කරන ලදී. යුද්ධයෙන් පීඩා විඳි ප්‍රදේශවල රජය විසින් සිදු කරන පාසැල් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු පිළිබඳව ද, ජනාධිපතිතුමා මහ ලේකම්වරයා දැනුවත් කළේය. පෙර මෙන් නො ව, වර්තමානයේ රටේ ජාතික විභාගවලදී හොඳ ම ප්‍රතිඵල නිකුත් වන්නේ උතුරු පළාතෙන් බව ද ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

     

    සාර්ථක දේශපාලන ක්‍රියාවලියක් සඳහා පුළුල් දේශපාලනික කතිකාවතක් තිබිය යුතු බව බෑන් මහ ලේකම්වරයා  අවධාරණය කර සිටියේය. මේ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ ක්‍රියාවේ නියැළිය යුතු බව එතුමා සඳහන් කළේය.

     

    නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ පෙර සංචාරයට පසු සිදු වී ඇති සංවර්ධනය ඇගයීමට ලක් කරන ලෙස ජනාධිපති රාජපක්ෂ මැතිතුමා බෑන් මහතාට ආරාධනා කළේය.

     

    විදේශ කටයුතු අමාත්‍යංශයේ  අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC/IMU_Pix By: Udesh Gunarathna

    President Rajapaksa and UN Sec-Gen Meet in New York

    President Rajapaksa and UN Sec-Gen Meet in New York  a

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya