අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබඳතා තර කිරීමට ජනාධිපති රාජපක්ෂ සහ ඉන්දීය අගමැති මෝදි අතර එකඟතාවක්

    සැප්තැම්බර් 28, 2014

    නිව් යෝක්: ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා, අද උදෑසන (27 නිව් යෝක් වේලාවෙන්) නිව් යෝක් නුවර දී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වූ අතර දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කිරීමට එකඟ වූහ.

     

    සුහදව පැවති සාකච්ඡාවට දෙරට අතර අන්‍යෝන්‍ය සැලකිල්ලට භාජනය වන කරුණු රැසක් නායක දෙපළගේ අවධානයට යොමු විය.

     

    ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික සන්ධානය, ඉන්දීය නායකයා සමඟ මෑතක දී පැවැත් වූ හමුව පිළිබඳව අදහස් දක්වමින්, අගමැතිවරයා, එම කණ්ඩායම සමඟ කළ සාකච්ඡාව ගැන ජනාධිපති රාජපක්ෂ මැතිතුමා දැනුවත් කළේය. ඒ පිළිබඳ ව පාර්ලිමේන්තු තේරීම්කාරක සභා ක්‍රියාවලියේ වැදගත්කම අගමැති මෝදි මැතිතුමා පිළිගත්තේය.

     

    ශ්‍රී ලංකා රජය සැමවිට ම දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා සඳහා සුදානම් බවත්, ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇති බවත් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, අගමැති මෝදි මැතිතුමාට පැහැදිළි කළේය.

     

    විශේෂයෙන් මෙවර අය-වැයෙන් රුපියල් බිලියන 1.5ක් වටිනා මූල්‍ය සම්පත් වෙන්කිරීම ඇතුළුව, රජය උතුරු පළාතට සහය ලබා දෙන ක්‍රම පිළිබඳව ද ජනාධිපතිතුමා, අගමැතිවරයා දැනුවත් කළේය.

     

    ධීවරයින්ගේ ප්‍රශ්නයේ දී, ඒ සඳහා සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ සංවේදීතාවන් සැලකිල්ලට ගෙන කරුණු සුපරික්ෂාකාරීව සැලකිය යුතු බව නායකයින් දෙපළ එකඟ වූහ. මුහුදු පතුල ට්‍රෝලනය (Bottom trawling) ක්‍රමවේදය පිළිබඳ ව තම අවධානය නැවතත් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සැල කර සිටියේය.

     

    "විශාල ම ප්‍රශ්නය පතුල ට්‍රෝලනය ක්‍රමවේදයයි," යනුවෙන් ජනාධිපතිතුමා පැවසීය. "එය දැන් නීති විරෝධී ක්‍රමයක්. අපි ශ්‍රී ලාංකීය ධීවරයින්ට පතුල ට්‍රෝලනය තහනම් කර තිබෙනවා. එමඟින් සාගර පත්ලට හා සම්පත්වලට වෙනස් කළ නොහැකි හානි සිදු වෙනවා."

     

    පතුල ට්‍රෝලනය කිරීම තමන්ට තහනම් ව තිබිය දී ඉන්දියානු ධීවරයින්ට එම තාක්ෂණය භාවිත කිරීමට ඉඩදීම, උතුරේ  ශ්‍රී ලාංකීක ධීවරයින් අසාධාරණක් ලෙස සලකන බව ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

     

    ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේ දී (UNHRC), ඉන්දියාවේ සහය සහ ඵලදායී පියවර පිළිබඳ ව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට සිය ස්තුතිය පළ කර සිටියේය.

     

    "අප එකට ජීවත්විය යුතුයි. එම නිසා අප එකිනෙකාට උදව් කළ යුතු වෙනවා," අදහසට පිළිතුරු දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.

     

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ කටයුතු අමාත්‍යංශයේ  අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ද, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ෂෙණුකා සෙනවිරත්න මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC/IMU_Pix by: Sudath Silva

    HE Rajapaksa and Indian PM Narendrs Modi Meet in New York

     

    HE Rajapaksa and Indian PM Narendrs Modi Meet in New York a

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya