අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික අවබෝධතාව සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා හමුවක් පවත්වයි

    සැප්තැම්බර් 27, 2014

    නිව් යෝක්: අන්තර්ජාතික අවබෝධතාව සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය ඊයේ (26) උදෑසන නිව් යෝක් නගරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දැනුවත් කිරීමේ හමුවක් පැවැත්වීය.

     

    මෙම හමුව සංවිධානය කරන ලද්දේ අරමුණු දෙකක් පෙරදැරි කරගෙනය. එක් අරමුණක් වූයේ, ශ්‍රී ලංකාවේ දැනටමත් ආයෝජනය කරමින් සිටින හෝ රටේ ආයෝජන අවස්ථා සොයමින් සිටින, ප්‍රධාන ඇමෙරිකානු සමාගම්වල නියෝජිතයින් එක්රැස් කිරීමයි. මෙම හමුවේදී මෙම නියෝජිතයින්ට, තම සමාගම්වල අභිප්‍රායන් ජනාධිපතිතුමාට සැල කිරීමේ අවස්ථාවත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම හා සබැඳි කාරණා ගණනාවක් ජනාධිපතිතුමා සහ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ අවස්ථාවත් ලැබිණ. දෙවනුව, මෙම හමුවේදී, ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා සහ ප්‍රතිලාභ පිළිබඳ මෙම පෞද්ගලික අංශ කණ්ඩායම දැනුවත් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට ලැබිණි.

     

    රටට ඇතුළුවන සමාගම් සඳහා ශ්‍රී ලංකාවට පිරිනැමිය හැකි හොඳ ම ප්‍රතිලාභය රටේ “සාමය සහ ස්ථාවරත්වය” බව පැවසූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, ඉහළ නිපුණත්වයකින් යුතු ශ්‍රම බලකායක් පිරිනැමීමේ හැකියාවක් රටට ඇති බව ද පැවසීය.

     

    නව ආයෝජන සඳහා ඉහළ හැකියාවක් ඇති බවට හඳුන්වා දුන් ක්ෂේත්‍ර අතර සේවා, සෞඛ්‍ය සේවා හා සංචාරක ක්ෂේත්‍ර විය.

     

    ශ්‍රී ලංකාවේ වෙළඳපොළට ඇතුළු වීමට තම කැමැත්ත පළ කළ ප්‍රධාන ඇමෙරිකානු සමාගම් බොහෝමයක නියෝජිතයින් අතර බෝයිං (Boeing), සිටිග්රූප් (Citigroup) සහ එක්සොන් මොබිල් (Exxon Mobil) යන සමාගම්වල නියෝජිතයෝ ද හමුවට සහභාගී වූහ.

     

    අන්තර්ජාතික අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය යනු, ඇමෙරිකානු ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර් (Dwight D. Eisenhower) යටතේ ධවල මන්දිරයේ මූලිකත්වයෙන් 1955 දී ක්‍රියාත්මක කරන ලද අන්තර්ජාතික වෙළඳ සංගමයකි. මෙම සංවිධානය වාණිජමය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ කතිකාවත සහ සන්ධාන සඳහා ලෝකයේ ප්‍රධාන ව්‍යාපාරික සහ දේශපාලනික නායකයන් සඳහා අපක්ෂපාතී පහසුකම් සලසන්නෙකු වේ.

     

    HE Rajapaksa Attends Briefing by Business Council for International Understanding

     

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ඒ.එච්.එම්. අස්වර් සහ ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් වී සිටියහ.

     

    HC/IMU_Pix by: Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya